Unit 03 - Evolution and Diversity of Organisms PDF

Summary

This document discusses the evolution of life on earth, from the origin of life, to the evolution of biodiversity, in detail. It analyzes the natural history of life on earth, and explains the principles of natural selection and some different theories of evolution.

Full Transcript

© 2020 ජාතික අධ්‍යාපන ආයතනය. සියලුම හිමිකම් ඇවිරිණි. සම්පත් පොත අ.පො.ස. (උසස් පෙළ) ජීව විද්‍යාව # පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය ## ජීවයේ පරිණාම ක්‍රියාවලිය විශ්ලේෂණයට - ජීවයේ සම්භවය හා ස්වාභාවික වරණවාදය භාවිතය ## පෘථිවිය මත ජීවයේ සම්භවය ### ජීවයේ සම්භවයට පෙර පෘථිවියේ පැවති තත්ත්වය - අවුරුදු බිලිය...

© 2020 ජාතික අධ්‍යාපන ආයතනය. සියලුම හිමිකම් ඇවිරිණි. සම්පත් පොත අ.පො.ස. (උසස් පෙළ) ජීව විද්‍යාව # පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය ## ජීවයේ පරිණාම ක්‍රියාවලිය විශ්ලේෂණයට - ජීවයේ සම්භවය හා ස්වාභාවික වරණවාදය භාවිතය ## පෘථිවිය මත ජීවයේ සම්භවය ### ජීවයේ සම්භවයට පෙර පෘථිවියේ පැවති තත්ත්වය - අවුරුදු බිලියන 4.6කට පමණ පෙර පෘථිවිය හා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහ ලෝක බිහි වී ඇත. - සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භයේ දී පෘථිවියේ විශාල පාෂාණ සහ අයිස් කුට්ටි ගැටෙමින් පැවත ඇත. - මුල් ම පෘථිවි වායුගෝලය ජලවාෂ්පවලින් ගහන වූ අතර, ඔක්සිජන් ස්වල්ප ප්‍රමාණයකින් ද ගිනි කඳු පිපිරීමෙන් නිදහස් වූ නයිට්‍රජන් හා නයිට්‍රජන්වල ඔක්සයිඩ, කාබන්ඩයොක්සයිඩ්, මීතෙන්, ඇමෝනියා හා හයිඩ්‍රජන් යන වායුන්ගෙන් ද සමන්විත විය. - ඉන් පසු උදාසීන වායුගෝලය ඔක්සිහාරක වායුගෝලයක් බවට පත් විය. - පසුව පෘථිවිය සිසිල් වීමේ දී ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් සාගර සැදිණි. - හයිඩ්‍රජන්වලින් විශාල කොටසක් අභ්‍යවකාශයට නිදහස් විය. - ගිනි කඳු පිපිරීම, අකුණු ගැසීම, අධික පාරජම්බුල කිරණ, ජල තාප මංකඩ විවර (Hydrothermal vents) හා ක්‍ෂාරිය මංකඩ විවර (Alkaline vents) සමඟ පෘථිවියේ පැවති ඔක්සිහාරක වායුගෝලය, පෘථිවිය මත ජීවයේ සම්භවය සඳහා අත්‍යවශ්‍ය වූ සරල කාබනික අණු සංශ්ලේෂණයට හිතකර විය. - මේ සරල කාබනික අණු බහුඅවයවීකරණයෙන් ප්‍රෝටීන, නියූක්ලික් අම්ල වැනි මහා අණු සෑදිණි. - ස්වයං ප්‍රතිවලිත වන කාබනික අණු සෑදීම නිසා පෘථිවිය මත ජීවය සම්භවය වීමට හැකි විය. ## ජෛව විවිධත්වයේ පරිණාමය ### 1. ජෛව රසායනික පරිණාමය - පෘථිවිය මත ජීවයේ සම්භවය පිළිබඳ ඍජු සාක්ෂි අවුරුදු බිලියන 3.5ක් පමණ වන ක්ෂුද්‍ර ජීවීන්ගේ ෆොසිලවලින් සැපයෙයි. - ප්‍රථම ජීවි සෛලය පිළිබඳ සාක්ෂි සැපයී ඇත්තේ රසායන විද්‍යාව, භූගර්භ විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂය ක්ෂේත‍්‍රවල නිරීක්ෂණ හා පරීක්ෂණ මඟිනි. - පෘථිවියේ මුල් කාලයේ සිදු වූ රසායනික හා භෞතික ක්‍රියාවලි පදනම් කර ගත් කල්පිත ආශ්‍රිතව ජෛව රසායනික පරිණාමවාදය බිහි විය. - ප්‍රධාන පියවර හතරක අනුක්‍රමයක් ඔස්සේ ස්වාභාවික වරණයේ බලපෑම මඟින් ප්‍රථම සෛලය බිහි වූවා විය හැකි ය. ### 2. ප්‍රාක්-සෛලය බිහි වීම - කාබනික අණුවලින් සමන්විත ද්‍රාවණයක් ලෙස පැවති ආදි සාගරය ‛ආදී සූපයක්’ ලෙස තිබී ඇති අතර, ඉන් ජීවය බිහි වන්නට ඇතැයි යන මතය හැල්මේන් විසින් යෝජනා කරන ලදී. - ගිනි කඳු ආශ්‍රිත වායුගෝලය හා ක්ෂාරීය මංකඩ විවරවලට (Alkaline vent) අදාළව මෑත කාලයේ සිදු කළ අධ්‍යයන මඟින් කාබනික අණු අජෛව ලෙස සංශ්ලේෂණය විය හැකි බව පෙන්වා දී ඇත. - කාබනික අණුවල අනෙක් ප්‍රභවයක් ලෙස උල්කාපාත සඳහන් කළ හැකි ය. - ලිපිඩවලින් වට වූ ආශයිකා තුළට RNA ගොනු වීමෙන් ‛ප්‍රාක් සෛලය’ බිහි වී ඇත. - ප්‍රාක් සෛලයේ එන්සයිම උත්ප්‍රේරිත ක්‍රියාවලි, වර්ධනය, ප්‍රතිවලිතය හා පරිණාමය යන හැකියා දක්නට ලැබිණි. - මුල්ම ජාන සහ එන්සයිම ලෙස ක්‍රියා කර ඇත්තේ RNA ය. - එබැවින් RNA අණුවලට ප්‍රතිවලිත වීමට හැකි විය. - ආදි සූපයේ තිබුණු වෙනත් අණු ද ප්‍රාක් සෛලයට එක් වී ඇත. - ආශයිකා සංඝට්ටනය වී පටලයට ලිපිඩ ඒකරාශි වීමෙන් සෛලය වර්ධනය වී තිබේ ### 3. ‌ප්‍රභාසංශ්ලේෂක ජීවීන්ගේ බිහි වීම - වර්තමානයේ සයනෝබැක්ටීරියා නමින් හඳුන්වනු ලබන පළමු ප්‍රභාසංශ්ලේෂක ජීවීන්ගේ පොසිල වසර බිලියන 2.7කට පෙර බිහි වූ ඒවා වේ. - ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස යකඩ අයන (Fe²+) ඔක්සිකරණය විය. - දිය වී ඇති සියලූම යකඩ මෙසේ අවක්ෂේප වූ පසු ජල පද්ධති ඔක්සිජන්වලින් සංතෘප්ත වන තුරු අතිරේකව එකතු වන ඔක්සිජන් වායුව ජලයේ දියවිණි. - ප්‍රභාසංශ්ලේෂක බැක්ටීරියා ගහනයන් ඉහළ යෑම, වායුගෝලීය ඔක්සිජන් ප්‍රමාණයේ ඉහළ යෑමට දායක වූ අතර, එය හරිතලවයේ සම්භවය වේගවත් කර තිබේ. ### 4. ‌ප්‍රථම සූන්‍යෂ්ටිකයන්ගේ බිහිවීම - ප්‍රථම සූන්‍යෂ්ටික ඉයූකැරියෝටා ෆොසිල වසර බිලියන 1.8ක් පමණ පැරණි බව ඇස්තමේන්තු කර ඇත. - පසුකාලීනව බහුසෛලික ජිවීන් බවට පරිණාමය වූයේ මේ ඒකසෛලික සූන්‍යෂ්ටිකයෝ ය. - සරල ප්‍රාග්න්‍යෂ්ටික සෛලයකින් අරඹා පුළුල් රූපීය විවිධත්වයක් ගොඩනැගීමට ඇති හැකියාවට වඩා වැඩි හැකියාවකින් පරිණාමය වීමට ව්‍යූහාත්මක ලෙස සංකීර්ණ සූන්‍යෂ්ටික සෛලවලට තිබී ඇත. - ප්‍රථම සූන්‍යෂ්ටිකයන් බිහි වීමෙන් පසු විශාල පරාසයක ඒකසෛලික ජීවීන්ගේ පරිණාමය සිදු විය. - එයින් ඒකසෛලික සූන්‍යෂ්ටිකයන්ගේ විවිධත්වයක් ඇති වී ඇල්ගී, ශාක, දිලීර හා සතුන් වැනි බහුසෛලික ආකාර පරිණාමය විය. - රතු ඇල්ගාවන්ට සමාන, දැනට දන්නා පැරණීම ප්‍රොටිස්ටාවන්ගේ ෆොසිල වසර බිලියන 1.2ක් පමණ පැරණි ය. ### ‌සූන්‍යෂ්ටිකයන්ගේ විවිධාංගිකරණය - වර්තමාන සත්ත්ව වංශ බහුතරය බිහි වී ඇත්තේ පේලියෝසොයික යුගයේ මුල් කාලයේ දී ය. - පොරිෆෙරා, ස්පොන්ජින්, නිඩාරියා (මුහුදු ඇනිමෙනි හා බන්ධුන්) සහ මොලස්කා ඇතුළුත් බොහෝ සත්ත්ව කාණ්ඩ බිහි වන්නේ පසු-ප්‍රොටෙරෝසෙන්සෙයික් අවධියේ දී ය. - DNA විශ්ලේෂණවලට අනුව ස්පොන්ජින් පරිණාමය වී ඇත්තේ වසර මිලියන 700කට පමණ පෙර දී ය. - ආත්‍රොපෝඩාවන්ගේ පූර්වජයන්, කෝඩාටාවන් හා වෙනත් සත්ත්ව වංශ බිහිව ඇත්තේ වසර මිලියන 670කට පමණ පෙර දී ය. - සතුන් පාරිභෝගිකයන් ලෙස ඇල්ගී හෝ ශාක මත යැපීම ආරම්භයත් සමඟ මුල් ම ආහාර දාම ආරම්භ වූ අතර, ‌බොහෝ සත්ත්ව කාණ්ඩ බිහි වීම, ක්‍රියාකාරි ආහාර ජාලවල ආරම්භය ද විය. - වසර මිලියන 500කට පමණ පෙර දිලීර, ශාක, සතුන් භෞමික ගණාවාසීකරණය ඇරඹී ඇත. - භෞමික ගණාවාසීකරණය වූ ශාක ජලය හා ඛනිජ පරිවහනය සඳහා සනාල පටක ද ජලහානිය වැළැක්වීම සඳහා ජලයට අපාරගම්‍ය ඉටිමය ආවරණයක් ද ඇති කර ගන්නා ලදි. - විශාල ශාක බිහිවීමත් සමඟම ඒවා කඳ, මුල් හා පත්‍ර ලෙස විභේදනය වීම ඇරඹීම හා විවිධාංගීකරණය වීම වසර මිලියන 380කට පමණ පෙර සිට සිදු විය. - ශාක හා දිලීර භෞමිකව ගණාවාසීකරණය වූයේ එක්ව එකිනෙක සමඟ අන්තර්ක්‍රියා කිරීමෙනි. - භෞමිකව ජීවිතය ආරම්භ කළ මුල්ම සත්ත්ව කාණ්ඩය ආත්‍රෝපෝඩාවෝ (කෘමීහු හා මකුළුවෝ). - දැනට වසර මිලියන 365කට පෙර බිහි වූ මුල් ම සිවුපාවා (Tetrapods) පරිණාමය වී ඇත්තේ කණ්ඩික වරල් සහිත (Lobed finned) මත්ස්‍යාගෙනි. - වෙනත් ප්‍රයිමේටාවන්ගෙන් වෙන් වී මානව පෙළපත ආරම්භ වූයේ වසර මිලියන 6-7කට පමණ පෙර සිට ය. - ‌මානව විශේෂයේ සම්භවය වසර 195,000කට පෙර සිදු විය. ### භූවිද්‍යාත්මක කල්ප (ඉයෝන) සහ පරිණාමික යුග - ‌කල්ප (ඉයෝන) - හේඩියන්, ආකියන්, ප්‍රොටෙරෝසොයික්, ෆැනරසොයික - යුග -ෆැනරසොයික ඉයෝනයට, පේලියෝසොයික්, මීසෝසොයික් හා සීනෙසොයික් ලෙස යුග තුනක් අයත් ය. ## ෆැනරසොයික ඉයෝනය ### 1. පේලියෝසොයික යුගය - Palaeozoic - බොහෝ සත්ත්ව වංශවල විවිධත්වය ශීඝ්‍ර වැඩි වීම - කරදිය ඇල්ගාවන් සුලබ වීම - විවිධ දිලීර, ශාක හා සතුන්ගේ භෞමික ගණාවාසීකරණය - සනාල ශාක විවිධාංගීකරණය - අස්ථික මත්ස්‍යයන්ගේ විවිධාංගීකරණය, මුල් ම සිවුපාවුන් හා කෘමීන් බිහි වීම - උභයජීවීන් ප්‍රමුඛ වීම - සනාල ශාක සහිත වනාන්තර බහුල වීම - ප්‍රථම බීජ ශාක බිහි වීම - උරගයන් බිහි වීම හා විකිරණය - ‌බොහෝ වර්තමාන කෘමි කාණ්ඩ බිහි වීම - ‌බොහෝ කරදිය හා භෞමික ජීවීන්ගේ නෂ්ට වීම - ආදි සනාල ශාක විවිධාංගීකරණය ### 2. මීසොසොයික යුගය - කේතුධර ශාක (විවෘත බීජක) ප්‍රමුඛ වීම - ඩයිනෝසරයන් පරිණාමය සහ විකිරණය - ක්ෂිරපායීන්ගේ සම්භවය - ප්‍රමුඛ ශාක ලෙස අඛණ්ඩව ම විවෘත බීජ ශාක පැවතීම, ඩයිනෝසරයන් ප්‍රමුඛ වීම, බහුල වීම හා විවිධත්වය ඇති වීම - සපුෂ්ප ශාක බිහි වීම හා විවිධාංගීකරණය - ඩයිනෝසරයන් ඇතුළු බොහෝ ජීවී විශේෂ නෂ්ට වීම ### 3. සිනෝසොයික යුගය - ක්ෂිරපායීන්, පක්ෂීන් හා පරාගණ කාරක කෘමීන්ගේ ප්‍රධාන විකිරණය - සපුෂ්ප ශාකවල ප්‍රමුඛ වීම, ඉහළයෑම හා විකිරණය තවදුරටත් සිදු වීම හා ඉහළ යෑම - බොහෝ වර්තමාන ක්ෂීරපායි ගෝත්‍ර විකිරණය. - ‌බොහෝ ප්‍රයිමේටා කාණ්ඩවල සම්භවය, ක්ෂිරපායීන් හා සපුෂ්ප ශාකවල විකිරණය තවදුරටත් සිදු වීම, ආදිතම මානව පූර්වජයා බිහි වීම. - ද්විපාද මානව පූර්වජයා බිහි වීම. - හෝමෝ ගණය බිහි වීම. (Genus Homo) ## පරිණාමවාද - දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට (විකරණය වීම් සහිතව පරම්පරාගත වීම) ගහනයක් තුළ සිදු වන ප්‍රවේණි සංයුතියේ වෙනස් වීමක් ලෙස පරිණාමය අර්ථ දැක්විය හැකි ය. - මේ සඳහා වර්ෂ මිලියන ගණනක් ගතවිය හැකි ය. - පරිණාමවාද කිහිපයකි. - ලැමාක්වාදය - ඩාවින්-වොලස්වාදය (ස්වාභාවික වරණවාදය) - නව-ඩාවින්වාදය ### ලැමාක්වාදය - 1809 දී ලැමාක් තම කල්පිතය ප්‍රසිද්ධ කළේය. - මූලධර්ම දෙකක් භාවිතයෙන් ඔහු තම කල්පිතය පැහැදිලි කර ඇත: - වහරය හා අවහරය - පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය #### 1. වහර හා අවහරය - දේහයක නිරන්තරයෙන් භාවිත කරනු ලබන අවයව ක්‍රමයෙන් විශාලව හා ශක්තිමත්ව වැඩෙන අතර, භාවිත නොකර සිටින විට ඒවා පරිහානියට පත් වෙයි. - උදා:- ඉහළින් පිහිටි අතුවල කොළ කඩා කෑමට ගෙල දික් කිරීම නිසා දිගු ජිරාෆ් ඇති වීම #### 2. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය - පරිසරයට අනුවර්තන ලෙස ජීවීහු තම ජීවිත කාලය තුළ දී ලක්ෂණ අත් කරගනිති. - ඔවුහු මේ ලක්ෂණ තම ප්‍රජනිතයන්ට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව දරති. - එනිසා ජනිතයෝ එම පරිසර තුළ වඩා හොඳින් අනුවර්තිව ජීවත් වෙති. - උදා :- ආහාර ගැනීම සදහා පරම්පරා ගණනාවක් තිස්සේ බෙල්ල දිගු කිරීම නිසා දිගු බෙල්ලක් හා පේශීමය ගෙලක් දරන වර්තමාන ජිරාෆ් පරිණාමය වේ. ### ඩාවින්-වොලස්වාදය :- (ස්වාභාවික වරණවාදය) - පරිසරයේ සංසිද්ධින් දෙකක් ඩාවින් විසින් නිරීක්ෂණය කරන ලදි. - ඔහුගේ නිරීක්ෂණ වන්නේ, ගහනයක සිටින විශේෂයකට අයත් සාමාජිකයන් අතර, ප්‍රවේණික විවිධත්වයක් ඇති බව හා සැම විශේෂයක් ම පරිසරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනිතයන් බිහි කරන බව. - ඉහත නිරීක්ෂණ චාල්ස් ඩාවින් විසින් අර්ථකථනය කරන ලදි. - ගහනයක සිටින පරිසරයට උචිත ලක්ෂණ දරන ජීවීන්ට, එම පරිසරවල නොනැසී පැවැතීමට හා ප්‍රජනනයට ඉහළ විභවතාවක් ඇත. - ඔවුහු අන් අයට වඩා වැඩි ජනිතයන් සංඛ්‍යාවක් බිහි කරති. - ගහනයක පැවැත්මට හා ප්‍රජනනයට හිතකර ප්‍රභේදන නිසා පරම්පරා කිහිපයක් ඔස්සේ ඒ ගහනය තුළ වාසිදායක ලක්ෂණවල වැඩි වීමක් සිදු වෙයි. - පැවැත්මට සහ ප්‍රජනනයට වාසිසහගත ලක්ෂණ සමහරක් වන්නේ: - විලෝපිකයාගෙන් බේරීම - ආරක්ෂාව - භෞතික තත්ත්වවලට ඔරොත්තු දිම, පීඩාකාරි තත්ත්වවලට ඔරොත්තු දිම - ආහාර ලබා ගැනීම - රෝගවලට ප්‍රතිරෝධතාව - සංසේචන සම්භාවිතාව - නිපදවන ජනිතයන් සංඛ්‍යාව ### ස්වාභාවික වරණ ක්‍රියාවලිය - අධිජනනය - ප්‍රභේදනය - තරගය හා උචිතෝන්නතිය. - හිතකර ලක්ෂණ ස්වාභාවික වරණයට ලක් වීම ### නව-ඩාවින්වාදය - චාල්ස් ඩාවින් ගේ ස්වාභාවික වරණවාදය, ජීවීන්ගේ ආවේණීය පැහැදිලි කිරීම සඳහා පදනම වූ මෙන්ඩලීය ප්‍රවේණිය හා ගහන ප්‍රවේණිය පිළිබඳ දැනුම ආදියේ සමෝධානයක් ලෙස නව-ඩාවින්වාදය හැඳින්විය හැකි ය. ## ‌තක්සෝන ධුරාවලියේ විද්‍යාත්මක පදනම ### කෘත්‍රිම හා ස්වාභාවික වර්ගීකරණ ක්‍රම - පොදු ගති ලක්ෂණවලට අනුව ජීවීන් කාණ්ඩවලට සැකසීම වර්ගීකරණයයි. - ‌වර්ගීකරණ විද්‍යාව (Taxonomy) යනු ජීවීන් වර්ගීකරණය, හඳුනා ගැනීම, නාමකරණය හා විස්තර කිරීම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයයි. - ජීවීන් ධුරාවලි අනුපිළිවෙළකට සැකසීමද මීට ඇතුළුත් ය. - වර්ගීකරණයේ ආකාර දෙකකි. - කෘත්‍රිම වර්ගීකරණය - ස්වාභාවික වර්ගීකරණය #### 1. කෘත්‍රිම වර්ගීකරණය - මෙහි දී ජීවීන් කාණ්ඩ කිරීම කලින් තීරණය කරන ලද තෝරා ගත් ඒකාබද්ධ ලක්ෂණ කීපයක් මත පදනම් වේ. - මේ ලක්ෂණ තෝරා ගැනෙනුයේ අධ්‍යයනයේ පහසුව සඳහා වන අතර, තෝරා ගත් නිර්ණායක පදනම් කර ගනිමින් ජීවිහු කාණ්ඩවලට වෙන් කරනු ලබති. - ‌මෙහි දී පරිණාමික බන්ධුතා නොසැලකේ. - මෙය 18 වන ශතවර්ෂයට ප්‍රථම භාවිත කර ඇති එක ම වර්ගීකරණ පද්ධතිය වේ. - භාවිත කිරීම පහසු ය. තවත් ජීවී කාණ්ඩ එකතු කර පුළුල් කිරීමට හැකි ය. - නිදසුන් :- - ධාන්‍ය වර්ග, විසිතුරු පැළ, ඖෂධ ශාක, විෂ සහිත ශාක ලෙස ශාක වර්ග කළ හැකි ය. - පාද යුගලක්, පාද යුගල දෙකක්, පාද හයක්, පාද අටක් ආදි වශයෙන් සතුන් වර්ග කළ හැකි ය. #### 2. ස්වාභාවික වර්ගීකරණය - ජීවීන් අතර, පවතින සත්‍ය බන්ධුතා පදනම් කර ගෙන ජීවීන්

Use Quizgecko on...
Browser
Browser