Business Studies - Notes on Business Social Responsibility and Ethics PDF

Summary

These study notes detail the different perspectives on the concepts of business social responsibility. It covers various definitions and identifies factors that make social responsibility important within businesses today. The document also highlights examples of actions that businesses should take to fulfill societal responsibilities and the benefits that result from these initiatives.

Full Transcript

# ව්‍යාපාර අධ්‍යයනය ## 02 පාඩම ව්‍යාපාර සමාජ වගකීම හා ආචාරධර්ම An illustration of a hand writing "Business Ethics" in a pad of paper. A pair of glasses and a coffee cup are visible in the background. ## පිළිගත් නිර්වචන ඇසුරෙන් ව්‍යාපාර සමාජයීය වගකීම හැඳින්වීම - ව්‍යාපාරයක සමාජ වගකීම් සංකල්ප ප...

# ව්‍යාපාර අධ්‍යයනය ## 02 පාඩම ව්‍යාපාර සමාජ වගකීම හා ආචාරධර්ම An illustration of a hand writing "Business Ethics" in a pad of paper. A pair of glasses and a coffee cup are visible in the background. ## පිළිගත් නිර්වචන ඇසුරෙන් ව්‍යාපාර සමාජයීය වගකීම හැඳින්වීම - ව්‍යාපාරයක සමාජ වගකීම් සංකල්ප පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇත. - සමස්ත සමාජයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ සේවකයින් ගේ හා ඔවුන්ගේ පවුල්වලත්, ජීවන තත්ත්වය නංවාලීමට සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන බවට හා සදාචාරාත්මකව හැසිරෙන බවට ව්‍යාපාර අඛණ්ඩව කැපවීම ව්‍යාපාර සමාජ වගකීමයි. - **තිරසර සංවර්ධනය පිළිබඳ ලෝක ව්‍යාපාර සභාව** - සමාජ්‍ය තුළ ධනාත්මක බලපෑමක් ජනිත කිරීමට ව්‍යාපාර ක‍්‍රියාවලිය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ වූ අදහස ව්‍යාපාර සමාජ වගකීමයි. - **මාලන් බේකර්** - ගනුදෙනුකරුවන්, සේවකයින්,සමාජ්‍ය, රජ්‍ය හා පරිසරය ආදී සියලුම උනන්දුවක් දක්වන පාර්ශවයන්ට සාධාරණ ලෙස කටයුතු කරමින් කොටස් හිමියන්ට උපරිම අගයක් බිහිකර දීම ව්‍යාපාර සමාජ වගකීම වේ. - **නාරායන් මූර්ති** ## ව්‍යාපාර සමාජ වගකීම පිළිබඳව විවිධ රටවල් විසින්ද නිර්වචන ඉදිරිපත් කර ඇත. - ”සිය ව්‍යාපාර ක‍්‍රියාකාරකම් පිළිබඳ වත් එමඟින් සමාජයට ඇති වන බලපෑම පිළිබඳවත් පෞද්ගලිකවම ව්‍යාපාර වගකීම ” සමාජ වගකීමයි. - **ඇමරිකා එක්සත් ජනපදය** - ”ව්‍යාපාර සමාජයට ආපසු දෙන දෑ” සමාජ වගකීමයි. - **පිලිපීනය** ## ව්‍යාපාර විසින් සමාජයීය වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරීම. - ව්‍යාපාර සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දැඩි අවධානයක් වර්තමානය වර්ධනය වී ඇත. - ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හා පොදුවේ සමාජයට බලපෑම් ඇති කරන බලවේග කිහිපයක් වර්ධනය වෙමින් පවතී. ### වර්තමාන සමාජය තුළ සමාජ වගකීම් වැදගත් වීමට හේතු 1. පරිසර දූෂණය ඉහළ යාම නිසා පරිසරය ආරක්ෂා කිරීම අවශ්‍ය වීම. 2. වංචා දූෂණ අවම කිරීම හා වැළැක්වීමට 3. සමාජ්‍ය තුළ ආචාර ධර්ම පිරිහීම නිසා ආචාර ආචාරධර්ම ප්‍රවර්ධනයට. 4. සම්පත් හිඟවීම නිසා කාර්යක්ෂම ලෙස සම්පත් භාවිතයට. 5. දිළිඳුකම හා කුසගින්න අවම කර සමාජ සාධාරණය ඇති කිරීම. ## ව්‍යාපාර වලින් සමාජීය වගකීම් ඉටු විය යුතු පාර්ශව ලැයිස්තුගත කිරීම. - ගනුදෙනුකරුවන් - සේවකයින් - අයිතිකරුවන් - සමාජ්‍ය - රජය - ප්‍රජාව - පරිසරය ## එකෙක් පාර්ශවය වෙත ව්‍යාපාර විසින් ඉටු කළ යුතු සමාජ වගකීම් වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කළ හැකිය. ### ගනුදෙනුකරුවන්/ පාරිභෝගිකයින් - සාධාරණ වීම. - හානි අවම කිරීම / පාරිභෝගිකයා ආරක්ෂා කිරීම. - පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. - ඉහළ ගුණත්වයෙන් යුතු නිෂ්පාදන සැපයීම. - ආරක්ෂිත නිෂ්පාදිත සැපයිම. - සාධාරණ මිලකට නිෂ්පාදිත සැපයීම. - රජය සම්මත කර ඇති පාරිභෝගික අණ පනත් හා රෙගුලාසි සුරැකීම. - ගනුදෙනුකරුවන්ට අවශ්‍ය විවිධ පහසුකම් සැලසීම. - භාණ්ඩ පිළිබඳව පාරිභෝගිකයා දැනගත යුතු තොරතුරු නිවැරදිව හා නොසඟවා සැපයීම. ### සේවකයින් - සමානාත්මතාවය තහවුරු කිරීම. - මනා සේවක සම්බන්ධතා ගොඩනැගීම. - වෘත්තීය ආරක්ෂාව සැපයීම. - සෞඛ්‍ය පහසුකම් සැපයීම. - සේවක සුභසාධනය. - කම්කරු අයිතීන් සුරැකීම. - සේවකයින්ගේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීම. - කම්කරු නීති රීති සුරැකීම. - සේවකයින්ට සාධාරණ වැටුපක් ගෙවීම. - මනා වැඩ පරිසරය. - අධ්‍යාපනය හා පුහුණුව. - සේවක අභිප්‍රේරණය. ### අයිතිකරුවන් - සාධාරණ ඉපයුම් ලබාදීම. - ආර්ථික ප්‍රතිලාභ අත්කර දීම. - කාර්යක්ෂමව හා අවංක ලෙස කළමනාකරණ කටයුතු මෙහයවිම. - විනිවිදභාවයකින් / පාරදෘෂ්‍යභාවයකින් යුක්තව කළමනාකරණ කටයුතු සිදුකිරීම. - අයිතිකරුවා යොදන ලද ප්‍රාග්ධනය ආරක්ෂා කිරීම. - මූල්‍ය වගවීම ඇති කිරීම. ### සමාජ්ය - රැකියා නියුක්තිය ට දායක වීම. - බදු ගෙවීම නොපිරිහෙලා ඉටු කිරීම. - අපද්‍රව්‍ය කළමනාකරණය. - ප්‍රජා සත්කාර සේවා. - හරිත නිෂ්පාදන කරා යොමු වීම. - පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම. - පුන්‍ය ආයතන නඩත්තු කිරීම. - ජනතා අධ්‍යාපනයට සහය දීම. - ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වීම. - මානව හිමිකම් සුරැකීම. - අවම බාධා සිදු වන පරිදි ව්‍යාපාර කටයුතු කිරීම. ## සියලුම පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටු වන ආකාරයට සමාජයීය වගකීම් ඉටුකළ හැකි ආකාරය පැහැදිලි කිරීම - සියලුම පාර්ශවයන්ගේ අපේක්ෂා ඉටු වන ආකාරයට සමාජ වගකීම් ඉටු කිරීමට පෙළඹිය යුතුය. - ගනුදෙනුකරුවන්ට සමාජයීය වගකීම් ඉටු කිරීමේ දී එනම් හානි අවම වන ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් සාධාරණ මිලට ලබා දීමේදී සේවකයින්ට ඔවුන්ගේ වෘත්තිය අයිතිවාසිකම් හා අනෙකුත් පහසුකම් ලබාදීම අයිතිකරුවන්ට ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිලාභ අත්කර දීම, මෙන්ම සමාජයට පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම මගින් අනෙකුත් පාර්ශ්ව වෙත ද අවාසිදායක තත්ත්වයක් ඇති නොකර සෑම පාර්ශවයකම අපේක්ෂා ඉටු කළ යුතුය. - අයිතිකරුවන්ගේ සමාජ වගකීම ආරක්ෂා කිරීමේ දී එනම් ඔවුන්ට සාධාරණ ඉපයීමක් ලාභයක් අත්කර දීමේදී අනිකුත් පාර්ශ්වවල එනම් ගනුදෙනුකරුවන්ට සාධාරණ මිලට භාණ්ඩ ලබාදීම,සමාජයට ප්‍රජා සත්කාර සේවා ලබාදීම ද, සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා අනෙකුත් පහසුකම් සැලසීම ද මගින් ඒ ඒ පාර්ශවයේ සමාජීය වගකීම් ආරක්ෂා කළ යුතුයි . ## සමාජීය වගකීම් ඉටු කිරීමෙන් ව්‍යාපාරයකට හිමිවන ප්‍රතිලාභ ලයිස්තුගත කිරීම - ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වේ. - ව්‍යාපාරයේ ප්‍රතිරූපය කීර්තිනාමය වර්ධනය වේ. - ව්‍යාපාරය පිළිබඳ විශ්වාසනීයත්වය තහවුරු වෙයි. - ගනුදෙනුකරුවන් තෘප්තිමත් කළ හැකි වීම. - ව්‍යාපාරයේ පරමාර්ථ හා අරමුණු කරා ළඟා වීම පහසු වීම. - සේවක ආකර්ෂණය වැඩි කර ගැනීමට හැකි වීම. - ලාභය වැඩි වීම. - ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩි වීම. - විරුද්ධවාදීන් අඩුවීම. - තරඟකාරීත්වය පහසුවීම. - රාජ්‍ය අනුග්‍රහය ලැබීම. - නීතිමය බලපෑම් අවම වීම. ## පරිසර හිතකාමි ලෙස කටයුතු කරමින් තිරසර සංවර්ධනට ව්‍යාපාර දායක වන ආකාරය ඇගයිම - "සියලුම වෘක්ෂලතාවෝ කපා දැමූ පසු...". - "සියලුම ගංගා සිදී ගිය ප ". - "අන්තිම මාළුවා ද අල්ලා ආහාරයට ගත් පසු...". - "මිනිසා තේරුම් ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව.." - ආදී රතු ඉන්දියානු ගෝත‍්‍රික වැකියකි - මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම හා පරිසරය සම්බන්ධ ඉහත ප්‍රකාශය පිළිබඳ ඔබගේ අදහස් දක්වන්න. ## තිරසර සංවර්ධන යන්න පැහැදිලි කිරීම - **පරිසරය හා සංවර්ධනය සඳහා වූ ලෝක කොමිෂන් සභාව:** - "අනාගත පරම්පරාවල මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සහතික වන පරිදි තාක්ෂණික හා ආයතනික යොමුවක් ඇතිව ස්වභාවික සම්පත් කළමනාකරණය හා සංරක්ෂණය කිරීමයි. එවැනි තිරසර සංවර්ධනයක් මඟින් භූමිය ජලය මෙන්ම සත්ව හා ශාක ඇතුළත් ඓන්ද්‍රිය සම්පත් පාරිසරික වශයෙන් හායනය නොවන පරිදි තාක්ෂණික වශයෙන් ගැලපෙන පරිදි හා ආර්ථික හා සමාජයීය වශයෙන් පැවතිය හැකි පරිදි සංරක්ෂණය කළ යුතු වේ. " - **ලෝක ආහාර හා කෘෂිකාර්මික ආයතනය:** "මානවයාගේ සුභ සාධන මට්ටම් පහත නොබසින ලෙස පවත්වාගෙන යන හා ඒ මඟින් එහි ප්‍රගතියක් ඇති කරවන තත්ත්වයක් තිරසර සංවර්ධනයක් යන්නෙන් හැඛෙන අතර තිරසර සංවර්ධනයට සමාන තත්ත්වයක් වනුයේ කාලයාගේ ඇවෑමෙන් එම සුභසාධනය පහත නොබැසීමේ අවශ්‍යතාවයයි". - **ඩේවිඩ් පියර්ස්** - "සම්පත් පදනමේ ස්ථාවරත්වය හා අනාගත පරපුරෙහි ප්‍රතිලාභ සඳහා පරිසරය ආරක්ෂා කරමින් සමාජයීය වශයෙන් වගකීමෙන් යුත් ආර්ථික සංවර්ධනය සහතික කිරීම තිරසර සංවර්ධනයයි" - **පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය** ## තිරසර සංවර්ධනයේ මූලිකාංග - තිරසර සංවර්ධනය ගොඩනැගී ඇත්තේ සමාන වැදගත් වැදගත්කමක් ඇති කුළුණු තුනක් මතය. ඒවා නම්. 1. ආර්ථික තිරසර සංවර්ධනය (economic sustainable development) 2. පරිසර තිරසර ආරක්ෂණය (environment sustainable protection) 3. සමාජ තිරසර සංවර්ධනය (social sustainable development) ## ව්‍යාපාරයකට තිරසර සංවර්ධනය සඳහා දායක විය හැකි ආකාරය පැහැදිලි කිරීම. - ව්‍යාපාර ආයතන ද තම ව්‍යාපාරය හා එහි පාර්ශවකරුවන් ‌ගේ අවශ්‍යතා හා වුවමනා ලඟාකර ගැනීම සඳහා උපාය මාර්ග හා ක‍්‍රියාකාරකම් තේරීමේදී අනාගත අවශ්‍යතා සඳහා අවශ්‍ය වන මානව හා ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් හා වැඩිදියුණු කරමින් කටයුතු කළ යුතුය එවිට එය තිරසර ව්‍යාපාර භාවිතයන් බවට පත්වේ. - තිරසර සංවර්ධනය යථාර්ථයක් බවට පත් කර ගැනීම එක් ව්‍යාපාර ආයතනයකට පමණක් හුදකලාව කටයුතු කරමින් කළ නොහැකි වන අතර ඒ සඳහා පාරිභෝගියන් ද ඇතුළුව සමස්ත ලෝක ආර්ථික ප්‍රජාවම ක‍්‍රියාකාරීව දායක වියයුතු විශේෂයෙන්ම ව්‍යාපාර තිරසර සංවර්ධනයට දායක විය හැකි ආකාරය පහත ශ්‍රී යටතේ පෙන්නුම් කළ හැක. ### ආර්ථික තිරසර බව සඳහා ව්‍යාපාර වල දායකත්වය - ව්‍යාපාරයක් ආර්ථික තිරසර බව වෙනුවෙන් කටයුතු කරන විට අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි 1. ආර්ථික වර්ධනය හා ස්ථායිතාවය. 2. කාර්යක්ෂමතාවය සම්පත් භාවිතය. 3. තරගකාරීත්වය සාධාරණත්වය. 4. නිෂ්පාදනය හා පරිභෝජනය. 5. සේවා නියුක්තිය. 6. අන්තර් ජාතික වෙළඳාම. - ව්‍යාපාරයකට ආර්ථික තිරසර බව තහවුරු කිරීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග කිහිපයකි. 1. සම්පත් කාර්යක්ෂමව භාවිතය. 2. කුසලතා බලගැන්වීම. 3. රැකියා නිර්මාණය. 4. ප්‍රාග්ධනය කාර්යක්ෂමව භාවිත. 5. අවදානම් කළමනාකරණය. 6. ආර්ථික වර්ධනය බලගැන්වීම. 7. පාර්ශවකරුවන්ගේ ප්‍රතිලාභ වර්ධනය. 8. නවෝත්පාදන හඳුන්වාදීම. 9. සේවක සුභසාධනය. 10. තාක්ෂණය දියුණු කිරීම. ### පාරිසරික තිරසර බව සඳහා ව්‍යාපාර වල දායකත්වය - පාරිසරික තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේ සඳහා ව්‍යාපාර කටයුතු කරන විට විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. 1. 2. 3. 4. - ව්‍යාපාරයකට පාරිසරික තිරසර බව තහවුරු කිරීමට කල හැකි ක‍්‍රියාකාරකම් කිහිපයකි . - පරිසර හිතකාමී දෑ භාවිතා කිරීම. - නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී අමුද්‍රව්‍ය බලශක්තිය වැනි දෑ සුරැකීම. - අපද්‍රව්‍ය කළමනාකරණයේ දී 3ඍ, 4ඍ වැනි සංකල්ප භාවිතය. - පරිසරයට හිතකාමී ප්‍රවාහන ක‍්‍රම භාවිත. - අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව භාවිත කිරීම. - ජලය වාතය හා පස දූෂණය අඩු කිරීම. - ජෛව විවිධත්වය රැකීමට කටයුතු කිරීම. - පාරිසරික නීතිරීති වලට අනුගතව කටයුතු කිරීම. - සූර්ය ශක්තිය වැනි පරිසර හිතකාමී බලශක්ති භාවිතය. ### සමාජ හා සංස්කෘතික තිරසර බව සඳහා ව්‍යාපාර වල දායකත්වය - ව්‍යාපාර ආයතන සමාජ හා සංස්කෘතික තිරසර බව තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි. 1. ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම. 2. ජනතාවට සමාන අවස්ථා සැපයීම. 3. සමාජ ඒකාග්‍රතාව ඇති කිරීම. 4. ජාත්‍යන්තර සහභාගීත්වය ලබා ගැනීම. 5. මානව ප්‍රාග්ධනය නඩත්තු කිරීම. 6. දේශීය සංස්කෘතිය සම්ප්‍රදායන් හා සිරිත් විරිත් ආරක්ෂා කිරීම. 7. සංස්කෘතික පරිසරය සුරැකීම. 8. දුගී බව අවම කිරීමට කටයුතු කිරීම. 9. සේවක සබඳතා. - ව්‍යාපාරයකට සමාජ හා සංස්කෘතික තිරසර බව තහවුරු කිරීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග කිහිපයකි. 1. මානව විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම. 2. මානව අයිතිවාසිකම් සුරැකීමට දායක වීම. 3. සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම. 4. අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය ආදී අත්‍යවශ්‍ය පහසුකම් සඳහා දායක වීම. 5. සමාජ සංරක්ෂක කටයුතුවලට දායක වීම. 6. සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම හා සුරැකීමට දායක වීම. 7. නීතිය හා සාමය සුරැකීමට දායක වීම. ### තිරසර සංවර්ධනය සඳහා ව්‍යාපාර වල නූතන භාවිතය තිරසර බව සඳහා වූ 4R සංකල්පය - නූතන සමාජයේ නිෂ්පාදන හා පරිභෝජන ක‍්‍රියාකාරකම් නිසා දිනකට දැරිය නොහැකි ප්‍රමාණයකින් අපද්‍රව්‍ය එකතු වීම ගෝලීය ප්‍රශ්නයක් බවට පත් වී ඇත එබැවින් නිශ්පාදනයේදී, පරිභෝජනයේදී, අපද්‍රව්‍ය කලමනාකරණයේ දී 4R සංකල්පය භාවිතය තුළින් තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ ගැනීම ලෝක මට්ටමින් අවධානය යොමුව ඇත. - 4R සංකල්පයේ නියෝජනය - Recycle - - Reuse - - Reduce - - Replace - - ප්‍රතිචක්‍රීයකරණය කිරීම ( Recycle ) - අපද්‍රව්‍ය වෙන් කර වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැ

Use Quizgecko on...
Browser
Browser